මහ දවල් මහ බැංකුව බිඳින ඩොනල්ඩ් ට්‍රම්ප්. අනෙක් මහ බැංකුත් බංකොලොත් වෙයි ද?

ලිපියේ අරමුණ සහ පසුබිම මෙම ලිපියේ අරමුණ මේ දිනවල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ස්වාධීන මහ බැංකුව පුනරුත්ථාපනය කිරීමට ක්‍රියා කරන ආකාරය දැක්වීම යි. එය, ඔහු විසින් සමස්ත ෆෙඩරල් රජය රැඩිකල් ලෙස පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියෙහි එක් පියවරකි. එහි අරමුණ රාජ්‍ය පරිමාව, දුෂණය සහ නාස්තිය අඩු කොට, ආර්ථික සංවර්ධනය සඳහා වෙළෙඳපොළ ක්‍රමයට වඩාත් නිදහසක් සැපයීම යි. ඔහුගේ තීරුබදු යුද්ධය මගින් එයට හොඳ පදනමක් සපයා ඇත. පසුගිය මාස කිහිපය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රජයේ වත්මන් තීරුබදු මත පදනම් වූ ආර්ථික සංවර්ධන ප්‍රතිපත්තියට අනුකූල වන ලෙස පොලී අනුපාතය පහළ හෙළන ලෙසට ඇමෙරිකානු මහ බැංකුවෙන් ඉල්ලා සිටින ලදි. ඒ සඳහා ඇමෙරිකානු මහ බැංකු සභාපති සමඟ නිල රැස්වීමක් ද පවත්වන ලදි. ඊට මහ බැංකුව දක්වන විරෝධය හේතු කොට, ට්‍රම්ප් විසින් මහ බැංකු සභාපති මාධ්‍යය හරහා නිර්දය ලෙස විවේචනය කිරීමත්, ඔහුට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බල කිරීමත්, එසේ නොවේ නම්, ඉන් ඉවත් කිරීමට ඇති නෛතික හැකියාව සෙවීමත් පිළිබඳ ව පුවත් මේ දිනවල මාධ්‍යය පිරී පවතී. මහ බැංකුවේ අත්තනෝමතික නිලධාරී වාදය, ප්‍රතිපත්ති ක්‍රමවේ...