මහ බැංකු නව දියුණු මුදල් මුද්‍රණය. මැලේසියාවෙන් ආනයනයක් ද?
ලිපියේ අරමුණ සහ පසුබිම මෙම කෙටි ලිපියේ අරමුණ වත්මන් මැලේසියානු මහ බැංකු මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය කෙටියෙන් ඉදිරිපත් කිරීම යි. ඊට පසුබිම මෙසේ ය. පසුගිය 27 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩි දියුණු කළ, ශක්තිමත් මුදල් ප්‍රතිපත්තිය ලෙස නව මුදල් ප්‍රතිපත්ති මොඩලයක් ඉදිරිපත් කොට, මාධ්‍යය පුරා විවිධාර ප්‍රවෘත්ති මවන ලදි. එහි දී, මෙවැනි මුදල් ප්‍රතිපත්තියක් මැලේසියාව අනුගමනය කරන බව ද දැක්වින. නව ක්‍රමය මගින් මහ බැංකුවේ ප්‍රතිපත්ති සංඥාවන් පැහැදිලි සහ පිරිසිදු වී, මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වඩාත් කාර්යක්ෂම වී, ශ්‍රී ලංකාවේ වත්මන් සාර්ව ආර්ථික අවධමන ගැටළුව ඇතුළු සියළු ආර්ථික ලෙඩ දොස් සුව වී, ආර්ථිකය කඩිනමින් ස්ථායිකරණය කෙරෙන බවට විශේෂ ප්‍රවෘතියක් ද වපුරන ලදි. එසේම, මෙය විශේෂයෙන් ආර්ථික විද්‍යාව අ.පො.ස. උසස් පෙළ සහ උපාධි සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ වැදගත් කමක් ඇති මාතෘකාවකි. ඊට හේතුව, මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විෂය නිර්දේශය සහ ප්‍රචලිත විභාග ප්‍රශ්න සංශෝධනය කිරීමට සිදු වන බැවිනි. එබැවින්, මෙම ලිපිය විශේෂයෙන් ඔවුන් ඉලක්ක කොට සැකසී ඇත. එබැවින්, නව මුදල් ප්‍රතිපත්තිය කුමක් ද? යන්න...