Posts

Showing posts from September, 2024

IMF - ඩොලර් ආර්ථික විජ්ජාවක් ද? විද්‍යාවක් ද? නව රජයත් ගෙදර යවයි ද?

Image
  ලිපියේ පසුබිම  සහ අරමුණ  පසුගිය වසර කිහිපය තුළ IMF යනු ශ්‍රී ලංකාවේ එකම ගැලවුම්කරුවා ලෙස දේශපාලන වේදිකාවල හුවා දැක්විණ. එසේම IMF සාධකය මත දැනට රජයන් දෙකක් මහජනයා විසින් පෙරළා ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය 2022 දී පෙරළීමට ප්‍රධාන හේතුවක් වූයේ, 2020/21 දී එම රජය විසින් IMF ණය මුදලක් නොගැනීම තුළින් ආර්ථික අර්බුදය වැලැක්වීමට අසමත් වීම පිළිබඳ චෝදනාව යි. ඇත්ත වශයෙන් සිදු වූයේ, එවැනි ණයක් ශ්‍රී ලංකාවට දීමට IMF ප්‍රතික්ෂේප කිරීම බව පසුව වාර්තා විය.  ඊට පසු 2022 දී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් IMF හැර වෙනත් විකල්පයක් නොමැති බව පවසමින්, IMF ගැසූ නොගැසූ සෑම පදයකටම නටන ලදි. ඊට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ද ලැබිණ. එබැවින්, පසුගිය ජනාධිපති මැතිවරණය සඳහා රාජ්‍ය වේදිකාව පිරී පැවතියේ, IMF හරහා දැන් ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත්, IMF වැඩපිළිවෙලින් ඉවත් වුව හොත්, රට ආපසු 2022 අර්බුද තත්ත්වයට යන බවත් ය. ඊට අවශ්‍ය සාක්ෂිය මහ බැංකු අධිපති විසින් සපයන ලදි. එහෙත්, IMF ආර්ථික බෙර පදයන් නැටීමෙන් හොඳටම හෙම්බත් වූ මහජනයා විසින් සැප්තැම්බර් 21 දින ව්‍යවස්ථානුකූලව සහ ඉතාමත් සාමකාමීව රනිල් වික්‍රම

දුෂණය මැඩීමට සිස්ටම් චේන්ජ්. එහි මුදල් කම්පනය මඩින්නේ කවුද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  මේ දිනවල දේශපාලන මාධ්‍යය පිරී ඇත්තේ, 22 දින සිට නව ජනාධිපති/රජය විසින් දුෂණය තුරන් කිරීමේ සිස්ටම් චේන්ජ් ගැන ය. සකල ලක් වැසියා ආර්ථික දුකින් මුදවන ඒකායන මාර්ගය එය ලෙස හුවා දැක්වෙයි. එහෙත්, සිස්ටම් එකකට පුරුදු පුහුණු වී ඇති බහුතර මහජනයා කඩිනම් චේන්ජ්වලට අකමැති බව නොරහසකි. එබැවින්, සිස්ටම් චේන්ජ් මගින් ආර්ථිකයට සහ ජීවන මට්ටමට ඇතිවිය හැකි අවදානම් සහ කම්පනයන් ගැන දැනුවත් වී, සිස්ටම් චේන්ජ් සැලසුම් කිරීම ඥාණවන්ත වනු ඇත. එබැවින්, මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ අනපේක්ෂිත සිස්ටම් චේන්ජ්වලින් මුදල් ක්‍රමයෙහි ඇතිවිය හැකි කම්පනයන් තුළින් මහජනයාගේ ජීවන මට්ටම සහ නව රජය අස්ථායී විය හැකි වීමේ අවදානම එළි දැක්වීම යි. එය හුදෙක් විෂයානු බද්ධ උපකල්පනකි. වහා පිපිරෙන සුළු මුදල් බැලුනය මත රැඳී ආර්ථිකය සහ ජීවන මට්ටම ශ්‍රී ලංකාව යනු ගෝලීය ආර්ථිකයට විවෘත වූ නූතන මුදල් ආර්ථිකයකි. අප දැනට හොඳින් අත් දකින ඩොලර් අර්බුදයේ පදනම එය යි. අපගේ එදිනෙදා සියළු ජීවන ක්‍රියාකාරකම් මුදල් ගනුදෙනු හරහා සිදු වෙයි.  මුදල් යනු මහ බැංකුව සහ බැංකු කේන්ද්‍රීය වූ ව්‍යාපාරික බැලුනය කි. ඒ මත අප සියළු දෙනාගේ ජීවන මට

ඡන්ද පොරොන්දුවල ආර්ථික විද්‍යාවක් තිබේ ද? කොතරම් විශ්වාසනීය ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  මේ දිනවල ඉදිරිපත්වන ඡන්ද පොරොන්දුවල ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය සහ ඒ ආශ්‍රිත කථාන්දරයන් රාශියක් නිර්මාණය වී ඇත. ඒවා, පොදුජනයාට සතුටින් පිරුණ ඉහළ ජීවන මට්ටමක් සැපයීම කේන්ද්‍ර කොට ඉදිරිපත් වී ඇත. ආර්ථික විද්‍යා මූලධර්මයන් අනුව එවැනි ජීවන තත්ත්වයක් ලැබීම හුදෙක් ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් මත තීරණය වෙයි. නිෂ්පාදන ක්‍රියාකාරකම් යනු විවිධාකාර මිනිස් උවමනාවන් ඉටු කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිහරණය කිරීමේ මහජන හැසිරීම යි. යම් කාලයක් තුළ කෙරෙන නිෂ්පාදන ක්‍රියාකාරකම්වල ස්වභාවය, ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය මත පදනම් වෙයි. එබැවින්, දේශපාලන අපේක්ෂකයන් විසින් ජීවන තත්ත්වය ඉහළ දැමීම පිළිබඳ පොරොන්දු දීමේ පදනම වන්නේ, ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ස්ථායිකරණය යනාදිය රජයේ ජීවන තත්ත්ව ඉලක්කයන්ට ගැලපෙන ලෙස පාලනයට සහ මෙහෙය වීමට රජයට හැකියාව පවතින බව යි. ඒ සඳහා රජයන් විසින් කෙරෙන උත්සාහයන් ආර්ථික කළමනාකරණය ලෙස හැඳින් වෙයි. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, එසේ ආර්ථික කළමනාකරණය කිරීමේ ආර්ථික විද්‍යා පදනම සහ ඡන්ද පොරොන්දුවල විශ්වාසනීයත්වය ඇගයීමට උපකාරී වන 

ඡන්ද පොරොන්දු රැකීමට මුදල් සෙවීමේ මග පෙන්වන, නව මුදල් පොතක්!

Image
කතුවරයා - පි. සමරසිරි ප්‍රකාශනය - සරසවි පොත් හළ පිටු ගණන - 184 මිල - රුපියල් 850 (ළඟදීම නිකුත් වෙයි) මුදල් පිළිබඳ න්‍යායාත්මක සම්ප්‍රදායික මිථ්‍යා මතයන් බිඳ දමා, ආර්ථික දියුණුව තුළින් මහජනයාගේ සංවර්ධනයට ඥාණාන්විත ලෙස මුදල් භාවිතා කිරීමට උපකාරී වන අත්වැළක් මෙම ග්‍රන්ථයෙන් සැපයෙයි. කිසිම දේශපාලනික බැඳීමකින් තොර මෙහි විශේෂත්වය වන්නේ, කිසිම  ආර්ථික විද්‍යා  න්‍යායක් හෝ සමීකරණයක් හෝ ප්‍රස්තාරයක් නොමැතිව, නව කථාවක් විලසින් සරල බසින්  විෂය කරුනු  ඉදිරිපත් කිරීම  යි. මෙම ලිපියේ අරමුණ වන්නේ, එම කථාන්දරයේ ඉතාමත් කෙටි සාරංශයක් ඉදිරිපත් කිරීම යි. මුදල්වල ආර්ථික මෙහෙවර  ලෝකයේ ඉතාමත් වැදගත් සොයා ගැනීමක් වන්නේ මුදල් ය. එය මිනිස් ශිෂ්ටාචාරයන් ආරම්භයේ සිට වසර දහස් ගණනක් පුරා පරිණාමය වී ඇත. භාණ්ඩ හුවමාරුව, භාණ්ඩ මුදල්, ලෝහ මුදල්, කඩදාසි මුදල් සහ නූතන විද්‍යුත් හෝ ඩිගිටල් මුදල් යනු එහි විවිධ අවධීන් ය. ඊළඟ මුදල් අවධිය වන්නේ මාර්ගගත ඩිගිටල් මුදල් ය.  සමස්තයක් ලෙස මුදල් යනු ආර්ථික ක්‍රියාකාරකම්වල වටිනාකම මැනීම, වටිනාකම ගබඩා කිරීම සහ වටිනාකම හුවමාරු කිරීම සඳහා නිෂ්පාදිත මෙවලමකි. ගිණුම් ඒකකයක්, විනිමය මාධ්‍යය