යෝජිත නව මහ බැංකු ස්වාධීනත්වය: මහ බැංකුව පෞද්ගලික කරණය ද?
පසු ගිය දිනක මුදල් රාජ්‍ය ඇමති වරයකු විසින් මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළ බව මධ්‍යයෙහි වාර්තා විය. මෙම ලිපියේ අරමුණ එම යෝජනාවට උපකාරයක් ලෙස කෙටි විමසුමක් ඉදිරිපත් කිරීම යි. අර්බුදයක දී නීති සම්පාදකයන්ගේ ප්‍රතිචාරය ශ්‍රී ලංකාවේ පොදුජනයා අර්බුදයකට මුහුණ දෙන විට, රාජ්‍ය පාලකයන් විසින් සොයන ගැලවුම් කරුවන් දෙදෙනෙකි. පළමුව, ව්‍යවස්ථාව. දෙවනුව, එවැනි අර්බුදයක් නැවතත් ඇති වීම වැලක් වීම සඳහා නව නීති පැනවීම. මෙය නිලධාරීන් විසින් තම ඇග බේරා ගැනීම සඳහා කරන දෙයකි. ඊට හේතුව, නව නීති එන තෙක් ඔවුන්ට පහසුවෙන් සිට විශ්‍රාම යාමේ කාලය ලැබෙන බැවිනි. එහෙත්, තමන් අකමැති පුද්ගලයන් වංචා චෝදනාවන් මත අත් අඩංගුවට ගෙන නඩුවලට පැටලීම පිණිස ව්‍යාජ සාක්ෂි සැකසීම සඳහා මෙම නීති අති දක්ෂ ලෙස භාවිතා කෙරේ. වත්මන් ඓතිහාසික ආර්ථික අර්බුදයෙන් පොදුජනයා මුදවා ගැනීම සඳහා ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කොට අවසානය. එහෙත්, සමහරු ඉල්ලන්නේ නව ව්‍යවස්ථාවකි. වත්මන් ආර්ථික අර්බුදය මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්තියේ වගකීම් ඉටු නොකිරීම හේතු කොට හට ගත් එකක් බව අර්බුදයේ සිද්ධි ද...