Posts

Showing posts from March, 2026

ඉරාන යුද්ධයෙන් ඔඩු දුවන ආර්ථික අර්බුදයට කෝකටත් තෛලය ඉල්ලුම කැපීම ද? එය මිථ්‍යා ආර්ථික මතවාදයක් ද?

Image
ලිපියේ පසුබිම සහ අරමුණ  ශ්‍රී ලංකාව වැනි ආනයන සහ කෙටි කාලීන ඩොලර් ණය හරහා ගෙවුම් ශේෂ හිඟය පියවීම මත රැඳී ඇති රටවල ආර්ථිකයන් ඕනෑම ගෝලීය සාධකයකට කම්පනයට පත් වන බව සාමාන්‍ය දැනුම යි. එවැනි සාධකයන් තුළින් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ ගිය හොත්, එය මෙම ආර්ථිකයන්ට හදිසි භුමි කම්පාවන් පහත් වීමට සමාන ය. පසුගිය මාසයක පමණ කාලය තුළ ඉරානය සහ ඇමෙරිකාව අතර පැවති භූදේශපාලනික ආතතීන් තුළින් දැනට දින 12 ක පමණ පවතින අභ්‍යාවකාශ යුද්ධය හේතු කොට හට ගෙන ඇති බලශක්ති ඇතුළු ගෝලීය සැපයුම් දාමයන් අවහිර වීම තුළ සමස්ත ගෝලීය ආර්ථිකයම කම්පනයට පත් වී ඇත.  බලශක්ති සහ වෙළෙඳ භාණ්ඩ හා සේවා මිල ගණන් ක්ෂණිකව ඉහළ යාම, විදේශ ආයෝජන බටහිර රටවලට සංක්‍රමණය වීම, විනිමය අනුපාතයන් ඉහළ යාම සහ රාජ්‍ය ණය පොලී අනුපාතයන් ඉහළ යාම වැනි ප්‍රධාන කම්පනයන් හේතු කොට මෙම රටවල ඉදිරියේ දී උද්ධමනය ඉහළ ගොස්, ආර්ථිකයන් හැකිලී, පොදුජන ජීවන මට්ටම කඩා වැටීමට ඇති අවදානම පිළිබඳ නිල ප්‍රකාශනයන් ඉදිරිපත් වී ඇත.  ඉරාන යුද්ධය දිග් ගැසුනොත්, එදිනෙදා පදනමක් මත රැස් කෙරෙන ඩොලර් සංචිතයන් හරහා විනිමය අනුපාතය සහ ගෙවුම් ශේෂය අමාරුවෙන් ආරක්ෂා කෙර...

ඉරාන යුධ ගෝලීය උද්ධමන රැල්ල මැඩලිය හැකි ද? මහ බැංකු උද්ධමන පාලන පිටකවරයට රැවටෙමු ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම මේ දිනවල මහ බැංකු රැසක් විසින් ඉරාන යුද්ධය හේතු කොට අයහපත් උද්ධමනකාරී තත්ත්වයක් හට ගත හොත් පොලී අනුපාතයන් ඉහළ දැමීමට සිදු වන බවට ඉඟි පළ කොට ඇත. සමහර මහ බැංකු විසින් තම රටවල වත්මන් උද්ධමනය  ඉලක්කයට වඩා බොහෝ පහළ මට්ටමක පවතින බැවින් අපේක්ෂිත ගෝලීය උද්ධමනය දරා ගැනීමේ හැකියාවක් පවතින බවට ද ප්‍රකාශ කොට ඇත. එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, ඉරාන යුද්ධයට ප්‍රතිචාර ලෙස මහ බැංකු විසින් පොලී අනුපාතයන් ඉහළ දැමීමේ අයෝග්‍යතාවයත්, ඊට විකල්පව ආර්ථිකයන් සහ ජන ජීවිතය බේරා ගැනීම සඳහා රාජ්‍ය මුදල් බලය භාවිතා කළ යුතු ආකාරයත්  පිළිබඳ ව අදහසක් ඉදිරිපත් කිරීම යි. ආර්ථික කළමනාකරණය පිළිබඳ ව ලිපියක් මෙහි සම්බන්ධ කොට ඇත .  (ලිපිය) මෙම ලිපිය මගින් කිසිම සංඛ්‍යා විශ්ලේෂණයකින් සහ ඉරාන යුද්ධය ආශ්‍රිත කිසිම භූ දේශපාලනික ඇගයීමකින් තොර මතු පිට කියවීමක් පමණක් ඉදිරිපත් කෙරේ. ඉරාන යුද්ධය සහ  අපේක්ෂිත  ගෝලීය උද්ධමන රැල්ල  ඉරාන යුද්ධය හේතු කොට ගෝලීය බලශක්ති සහ සැපයුම් දාමයන් අවහිර වීම තුළින් ලෝකය පුරා මිල ගණන් ඉහළ යන බව පොදු දැනුමකි. මෙවැනි ගෝලීය සැපයුම් අවහිරතාවන්ට ම...