Posts

Showing posts from March, 2025

ඇමෙරිකාවෙත් නැති IMF නව ලිබරල් ආර්ථිකය ශ්‍රී ලංකාවේ? ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පාඩමක්.

Image
  ලිපියේ අරමුණ මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ,  ලෝකයේ බලවත්ම ප්‍රජාතාන්ත්‍රික ධනවාදී ලෙස සැලකෙන ඇමෙරිකාවේ එවැනි ආර්ථිකයක් නොව, නාස්තිය සහ දුෂණයෙන් පිරි ගැඹුරු නිලධාරිවාදී  රාජ්‍ය ආර්ථිකයක් පවතින බවට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් පැහැදිලි වන බවත්,  එබැවින්, ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය ගැන කියමින් ශ්‍රී ලංකාව වැනි රටවල් විසින් IMF ලෝක බැංකුව හරහා අනුගමනය කෙරෙන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති යනු හුදු දේශපාලනික රැවටීමක් බවත්, දැක්වීම යි. නව ලිබරල් වාදය යනු අවම නියාමනය, නිදහස් වෙළෙඳාම, ගෝලීය කරණය සහ රාජ්‍ය වියදම් කැපීම හරහා පෞද්ගලික වෙළෙඳපොළ ආර්ථිකය ප්‍රවර්ධනය කෙරෙන දේශපාලනික මතවාදයකි. එබැවින්, වත්මන් ඇමෙරිකානු රජයේ නව ප්‍රතිපත්ති දැක්ම සහ ව්‍යායාමය මෙම රටවලට හොඳ පෙරහුරුවක් වනු ඇත. ඊට හේතුව,  වත්මන් ඇමෙරිකානු රැඩිකල් දේශීය නිෂ්පාදන ආර්ථික ප්‍රතිපත්තිය තුළින් වොෂින්ටන් සම්මුතිය පදනම් වූ IMF, ලෝක බැංකු, ඩොලර්/විදේශ ආයෝජන නව ලිබරල් වාදී ආර්ථික කළමනාකරණ සංකල්පය බිඳ වැටීමත්,  එමගින්,  නව ලිබරල් වාදයේ එල්බ ගෙන දේශීය නායකයන්ට සහ ඔ...

IMF දිව බොරු නොකීම. සැඟවුන සත්‍යය සොයමු.

Image
ලිපියේ අරමුණ මෙම කෙටි ලිපියේ අරමුණ, ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය IMF ණය ඩොලර් විකල්පය බවට දේශපාලන නායකයින් විසින් ඡන්දයන් ද පරාද වෙමින් කෙරෙන ප්‍රකාශනයන් පදනම් විරහිත බව, IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා විසින් ඇය සහ ජනාධිපති වරයා අතර ඊයේ පැවති  මර්ගගත සාකච්ඡාවේ දී දැක්වූ අදහස්වලින් පැහැදිළි වන බවට, මතයක් ඉදිරිපත් කිරීම යි. මාධ්‍යයේ පළ වූ එම වීඩියෝව මෙතනින් නරඹන්න (වීඩියෝව) . IMF කළමනාකරණ අධ්‍යක්ෂිකාව විසින් දැක්වූ  අදහස්වලින් තෝරාගත් ඒවා කිහිපයක් IMF වැඩසටහනේ ප්‍රතිසංස්කරණය තුළින් දැනටමත් යහපත් ප්‍රතිඵල ලැබී ඇති බව සහ උද්ධමනය පහළ ගොස්, එය විශේෂයෙන් දුප්පත් ජනයාට හිතකර වී ඇති බව උද්ධමනය යනු පොදු මිල මට්ටම ඉහළ යාමේ වේගය යි. එබැවින්, එය පහළ යාමෙන් දුප්පත් ජනයාට සහනයක් නොලැබේ. ඔවුන්ට සහනයක් වීමට නම්, මිල ගණන් උද්ධමනයට පෙර පැවති මට්ටමට පහළ යාම හරහා ජීවන වියදම පහළ යා යුතුය.  එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ බලපොරොත්තු විය නොහැකිය. එසේ යහපත් ප්‍රතිඵල ලැබී නම්, උද්ධමනය ශුන්‍යයට පහළ දැමු පසු ගිය රජය, මහජනතාව විසින් ගෙදර නොයවනු ඇත. සංවර්ධනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජ...

අයවැය කුමට ද? දේශපාලනයට ද? සංවර්ධනයට ද? අයවැය ඇතුළත සත්‍යය සහ මිථ්‍යාව සොයමු.

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම  මෙම කෙටි ලිපියේ අරමුණ වනුයේ, ලෝකය පුරා බොහෝ රටවල රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ ආර්ථික විද්‍යාඥයන් විසින් විවිධාකාර අයවැය ඉලක්කම් ඉදිරිපත් කරමින්, තමන් මහජනතාව වෙනුවෙන් මහජනතාව බේරා ගැනීම සඳහා ඉතා භාරදූර අයවැය සහ රාජ්‍ය මුදල් කළමනාකරණයන් කරන බවට කෙරෙන ප්‍රකාශනයන්හි කිසිම සාර්ව ආර්ථික පදනමක් නොමැති බව හෙළි කිරීම යි.  සත්‍ය අයවැය කථාන්දර වන්නේ, ඔවුන් විසින් හුදෙක් තම පටු දේශපාලනික පද්ධතිය පවත්වා ගැනීම සඳහා මිස, අයවැය අශ්‍රිතව පිළි ගැනෙන සාර්ව ආර්ථික විද්‍යා මතයන් විසින් නිර්දේශ කෙරෙන පරිදි ආර්ථික සහ පොදුජන සංවර්ධනය සහ ස්ථායිතාවය පිණිස අයවැය ක්‍රියාත්මක නොකරන බව යි. රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිවල අරමුණ වනුයේ, රටේ වෙළෙඳපොළ පද්ධතිය සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වලට රජය මැදිහත්වීමෙන් පොදුජන ජීවන මට්ටම සහ සංවර්ධනය රජයේ මතවාදය අනුව ඉහළ නැංවීම යි. එනම්, රටේ සහ මහජනයාගේ ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීමට එහා ගිය රාජ්‍ය කාර්ය භාරයකි. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මධ්‍යම රජය සහ රාජ්‍ය නියාමන සහ ව්‍යාපාරික/ව්‍යවසායක ආයතන පද්ධතියක් හෙවත් පුළුල් රාජ්‍ය අංශයක් සහ මහජන බල...