Posts

Showing posts from August, 2024

බදු නැතුව වැටුප් බැරි ද? රාජ්‍ය ආර්ථික විශේෂඥයන් දැනුවත් ද?

Image
ලිපියේ අරමුණ පසුගියදා රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට නොහැකි බවට රජයේ ආර්ථික විද්‍යාඥයන් විසින් ජනාධිපති වරයා වෙත උපදෙස් දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සැරිසරනු දුටුමි.  එය මෙතනින් නරඹන්න. මෙම කෙටි ලිපියේ අරමුණ එම උපදෙස් කිසිම ආර්ථික විද්‍යා හෝ රාජ්‍ය අයවැය කළමනාකරණ පදනමක් නොමැති සාවද්‍ය උපදෙස් බව කෙටියෙන් පෙන්වා දීම යි. ජනාධිපති වරයා වෙත දුන් උපදෙස  යෝජිත වැටුප් වැඩිවීම කිරීමට නම් බදු වැඩි කළ යුතුය. ඒ සඳහා 2%-3% කින් වත් වැට් ඉහළ දැමිය යුතුය. පෙර මෙන් රජය විසින් ණය ගැනීමේ සීමාව ඉහළ දමා, මහ බැංකුවෙන් මුදල් මුද්‍රණය කිරීම ද කළ නොහැකිය. මහ බැංකුවෙන් එසේ මුදල් ගැනීමට නීතිමය වශයෙන් ඉඩකඩක් නොමැත. ණය සිමාව වැඩි කළොත්, IMF වැඩසටහනේ ප්‍රාථමික ගිණුමේ ශේෂය එම මට්ටමේ පවත්වා ගැනීමට නොහැකි බැවින් IMF වැඩසටහනින් එළියට යාමට සිදු වෙයි. එබැවින්, මෙම වසරේ අයවැය තුළින් යෝජිත වැටුප් ඉහළ දැමීමේ කිසිම ඉඩකඩක් නොමැත. මෙය, ආර්ථිකයේ රාජ්‍ය මූල්‍ය සහ මුදල් කළමනාකරණය කරනු ලබන ජාත්‍යන්තර කාණ්ඩයේ ආර්ථික විද්‍යාඥයන් නොව, නූතන මුදල් ගිණුම් ලිපිකරුවකු වත් නොදෙන මාදිලියේ උපදෙසක් බව කිව හැකිය. රාජ්‍ය මූල්‍ය පාලකයන් යනු හු

රට සංවර්ධනයේ සැඟවුණ මුල, රුපියල ඩොලරයෙන් බේරා ගැනීම යි. රජය ඩොලර් ණය පසුපස යාම නොවේ. එයට සාඩම්බර ආර්ථික විශේෂඥයන් සොයමු.

Image
ලිපියේ පසුබිම සහ අරමුණ   මෙම ලිපියේ පළමු කොටස පසුගිය 17 දින නිකුත් කෙරිණ  (එය මෙතනින් කියවන්න.) . එමගින් දැක්වූ නිගමනයන් මෙසේය. ශ්‍රී ලංකා ආර්ථිකය සහ ජීවන මට්ටම මුහුණ දෙන මූලික ව්‍යුහාත්මක උගුල වන්නේ, ආර්ථිකයේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සපයා ගත හැකි ස්වෛරිත්ව දේශීය මුදල් ක්‍රමයක් නොමැති වීම බව.  ශ්‍රී ලංකාවේ නාමමාත්‍ර ස්වෛරිත්ව මුදල් ක්‍රමයක් නීතියෙන් පැවතුන ද, ඉන් රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සම්පත නිෂ්පාදනය කළ නොහැකි බව. ඊට හේතුව, සංවර්ධන ආර්ථිකයට නොගැලපෙන ඩොලර්කරණය වූ මහ බැංකු සහ මුදල් මොඩලය බව. මෙම දෙවන ලිපිය මගින් එම ඩොලර්කරණ ආර්ථික උගුලට හේතුව සහ එය නැති කළ හැකි මාර්ගය හෝ දැක්ම කෙටියෙන් හෙළි කෙරේ. එහෙත්, කලක් තිස්සේ පිළිගත් මතවාදයන් සහ කර ගෙන ආ දේවල් එසේම අනුගමනය කරනවා මිස, පොදුජන ප්‍රශ්න විසඳීමට කිසිම ප්‍රතිපත්ති නවීකරණයකට රාජ්‍ය දේශපාලනික සහ නිලධාරී නායකත්වයට හැකියාවක් හෝ ඕනෑකමක් නොමැත. ඊට හේතුව, ඔවුන් සතු විවිධ සැඟවූ ස්වයං අභිලාෂයන් ය. එබැවින්, සැබෑවෙන් සිදු වන්නේ, දැවෙන පොදුජන ප්‍රශ්න විසඳිම නොව, රාජ්‍ය ආසනවල සිටින පුද්ගලයන් වෙනස්වීම පමණි.  දැනට ඡන්ද පොරොන්දු දෙන කිසිම නායකයෙකු විස

ශ්‍රී ලංකාව සංවර්ධනය කළ නොහැකි ඇයි? ව්‍යුහාත්මක උගුල කුමක් ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  පසුගිය සියවස් හතරක පමණ කාලය තුළ රටවල සිදු වූ වේගවත් ආර්ථික සහ මානව සංවර්ධනයේ පදනම ලෙස මුදල් සහ බැංකු ක්‍රමයේ සංවර්ධනය සැලකිය හැකිය. ඊට හේතුව, එමගින් වෙළෙඳපොළ ප්‍රසාරණය හරහා නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වේගය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම යි. මුදල් සහ බැංකු සංවර්ධනයේ මෑත සිද්ධිය වූයේ, 20 වැනි සියවසේ දී රාජ්‍ය මහ බැංකු පිහිටුවා, එමගින්, පෞද්ගලික වෙළෙඳපොළ හරහා ක්‍රියාත්මක වූ මුදල් සහ බැංකු පද්ධතියේ පාලනය රජයන් යටතට ගැනීම යි. යුරෝපීය රටවල් එකතු වී පොදු මහ බැංකුවක් පිහිටු වීම ද එහි ඓතිහාසික සිද්ධියකි.  මුදල්, රාජ්‍ය මූල්‍ය සහ බැංකු ප්‍රතිපත්ති හරහා බොහෝ රටවල වේගවත් සංවර්ධනයක් ලඟා කර ගැනීමට නව මූල්‍ය ක්‍රමයේ දායකත්වය පිළිබඳ ව විවාදයක් නොමැත. ඊට, මහ බැංකු කාර්යක්ෂමතාවය ද බෙහෙවින් දායක විය. ඊට සාක්ෂි ලෙස නූතන සංවර්ධිත රටවල මහ බැංකු දැක්විය හැකිය.  බොහෝ දියුණු වෙමින් පවතින රටවල ද මහ බැංකු පැවතිය ද, එම රටවල මන්දගාමිත්වයට හේතුවක් වූයේ මහ බැංකු අකාර්යක්ෂමතාවය යි. රාජ්‍ය පාලන ක්‍රමයන්හි දුර්වලතාවය ද ඊට බලපාන ලදි.  මහ බැංකුවක් යනු රටක ඒකාධිකාරී රාජ්‍ය ආයතනයක් බැවින් එය එදිනෙදා නොය