Posts

Showing posts from July, 2024

වැටුප් දෙන්න, 20% - 21% ක වැට් තර්ජනයක් - ගැටළුව කාගෙ ද?

Image
ලිපියේ පසුබිම   මෙම ලිපිය ජුලි 8 දින ලීඩර් ප්‍රවෘත්ති වෙබ් අඩවියෙහි පළවූ "වර්ජක ඉල්ලීම් දුන්නොත් වැට් බදු 20% - 21% කරන්න වෙයි !" ලිපිය හා සම්බන්ධ වෙයි.  (ලිපිය මෙතනින් කියවන්න) . එහි රාජ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් විසින් වැටුප් වර්ධකයක් ඉල්ලා කරන ලද වර්ජක ව්‍යාපාරයේ ජාතික ආදීනව පිළිබඳ ව භාණ්ඩාගාර ලේකම් ගේ ප්‍රතිචාරය වාර්තා විය. එනම්,  රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවිමක් ලබාදීමට නම්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140 ක් පමණ අවශ්‍ය බව. රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට නම්, වාර්ෂිකව තවත් රුපියල් බිලියන 280 ක් පමණ අවශ්‍ය බව. IMF එකඟතා අනුව මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමට ද අවස්ථාවක් නැති බව. එබැවින්, වර්ජක වැටුප් ඉල්ලීම් දීමට නම්, දැනට පවතින 18% ක වැට් බද්ද 20%-21% දක්වා ඉහළ නැංවීමට සිදුවන බව. මෙම ප්‍රවෘත්තිය දුටු විගස මා සිතට නැගුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා රජය විසින් ලෝකයේ ඉහළම කාණ්ඩයේ ආර්ථික විද්‍යාඥයන් පත් කරනු ලැබුවේ, එය ඉතා පහසුවෙන් වැට් බද්දෙන් සිදු කිරීමට ද? යන්නය. එසේ නම්, එය මුදල් ඇමතිට භාණ්ඩාගාර ලිපිකරුවකු මගින් වුව ද කළ හැ

IMF ආර්ථික ස්ථායිකරණය - හුදු මතවාදයකි. විද්‍යාවක් නොවේ. ඕනෑ තරම් විකල්පයන් පවතී.

Image
ලිපියේ පසුබිම  මේ දිනවල ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ දේශනයන් සහ ආර්ථික ඉලක්කම්වලින් මාධ්‍යය පිරී ඇත. එහි හරය වන්නේ, IMF ණය වැඩසටහනින් ආර්ථිකය නැවත ස්ථායිකරණය වී ඇති බව යි. සමහරුන්ට එය, කුණාටුවකට හසු වූ ගුවන් යානයක් ගුවන් නියමුවා විසින් පාලනය කොට, හදිසි ගොඩ බැස්සවීමක් වැනි විද්‍යාවකි.  ඒ බවට, උද්ධමනය, ආර්ථික වර්ධනය, පොලී අනුපාතය, විනිමය අනුපාතය, රාජ්‍ය මූල්‍ය, මුදල් මුද්‍රණය, ගෙවුම් ශේෂය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය පිළිබඳ විවිධාකාර ඉලක්කම් සහ ඉලක්කයන් ඉදිරිපත් කෙරේ. එහෙත්, IMF යනු පැරණි ආර්ථික මතවාදයක් පමණක් බවත්, ස්ථායිකරණ ඉලක්කම් යනු හුදු තාවකාලික ඉලක්කම් බවත්, ඔවුන් නොදනී. එබැවින්, මෙම ලිපිය මගින් IMF ආර්ථික ස්ථායිකරණ මතවාදය කෙටියෙන් ඉදිරිපත් කෙරේ. ආර්ථිකයේ ණය සහ නිෂ්පාදන දාමයන් බිඳී අවහිර වීම තුළින් අර්බුදයට ලක් වී ඇති පොදුජන ජීවිතය නැවත ගොඩ ගැනීම සඳහා සාර්ව ආර්ථික සැලසුම් සකස් කරන මහජන නායකයන්ට මෙම දැනුම උපකාරී වනු ඇත. එහෙත්, ඒ සඳහා එකම සැලැස්ම ලෙස IMF පුදන බැතිමතුන්ට, මින් ඵලක් නොමැති විය හැකිය. ඊට හේතුව, භක්තිකයන් යනු හුදු විශ්වාසයට අන්ධ වී ඇති පිරිසක් බැවිනි. ශ්‍රී ලංකා ආර්ථික