Posts

Showing posts from June, 2024

ද්විපාර්ශවීය ණය රැවටුම - නිල ණය පැහැර හැරීමක් ද? බංකොලොත් නිලධාරීන් ඉන් ගොඩ දැමීම ද?

Image
මෙම ලිපියේ අරමුණ වන්නේ, ඊයේ (ජුනි 26 දින) නිල වශයෙන් ප්‍රකාශ කරන ලද ද්විපාර්ශවීය විදේශ ණය ප්‍රතිව්‍යුහගත ගිවිසුම් යනු,  රජය සහ ආර්ථිකය බංකොලොත් කමින් මුදවා ගැනීමේ ක්‍රියාවක් නොව,  මුලින් නිල නොවන ලෙස ණය පැහැර හැරීම සිදු කරන ලද බංකොලොත් නිලධාරීන් ඉන් මුදා ගැනීමේ නිල ණය පැහැර හැරීමක් බවත්,  එහි පසුපස දක්වන ආර්ථික ඉලක්කම් හුදු පරිගණක අභ්‍යාසයක් මිස, කිසිම ප්‍රයෝගික විශ්වාසයක් තැබිය නොහැකි පුරෝකතනයන් බවත්, ණය පැහැර හැර ඇති ඝානාව වැනි අනෙක් රටවල ද මීට සමාන ණය ප්‍රතිව්‍යුහගත කරණ ප්‍රගතියක් වාර්තා වන බැවින් මෙය ශ්‍රී ලංකා අධිකාරින්ගේ විශේෂ ප්‍රගතියක් නොවන බවටත්, අදහස් ඉදිරිපත් කිරීම යි.  එහෙත්, සමහර දේශපාලනික මාධ්‍යය විසින් එය ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් බවින් මුදවා ගැනීමක් බව දක්වමින් රතිංඥා කිරිබත් සංග්‍රහයන් ද පවත්වන ලද බව වාර්තා විය. 2022 අප්‍රේල් 12 දින    නිල නොවන  ලෙස  සිදු  කළ  ණය පැහැර හැරීම  2022 අප්‍රේල් 12 දින වත්මන් මහ බැංකු අධිපති සහ මුදල් ලේකම් විසින් මෘදු ණය පැහැර හැරීම ලෙස දක්වමින් නිල නොවන ලෙස විදේශ ණය පැහැර හැරී ආකාරය සැවොම දන්නා කරුනකි. ඉහළ නගින දේශපාලනික අර්බුදය හමුවේ ඔවු

IMF ණයෙන් විදේශ සංචිතය ඉහළට! එය තිරසාර ද? රටට හිතවත් ද? වගකීම කාගේ ද?

Image
ලිපියේ පසුබිම දෙවන IMF ශ්‍රී ලංකා ණය උපදේශන වාර්තාව පසුගිය 12 දින IMF විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කිරීමත්, ඒ අනුව, අද හෙට ලැබෙන ඩොලර් මිලියන 336 ක තෙවන ණය වාරිකයත්, පිළිබඳ ව සුභාශිංෂණ පණිවුඩයන් මාධ්‍යය පුරා විසිරී ඇත. එහි මූලික සතුට වන්නේ, ණය ඩොලර් මිලියන 336 මගින් මහ බැංකු විදේශ සංචිත ඉලක්කම ඉහළට එසවීම යි. රටේ විදේශ සංචිතය ලෙස සැලකෙන්නේ මහ බැංකු විදේශ සංචිතය යි. මේ දිනවල ඉහළ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මුවග රැඳි ප්‍රිය වැකිය වන්නේ, රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද ඥාණාන්විත ආර්ථික ප්‍රතිපත්ති හේතු කොට ආර්ථිකය නැවත වේගයෙන් ස්ථායිකරණය වන බව යි. ඊට ඉහළින්ම දක්වන ඉලක්කම් දෙකකි.  එනම්, මේ වන විට විනිමය අනුපාතය ඩොලරය රුපියල් 300 පමණ දක්වා (2022 මැයි මස 370 සිට) පහළ යාම සහ මහ බැංකු විදේශ සංචිතය ඩොලර් බිලියන 5.4 දක්වා (2022 අප්‍රේල් මස ද්‍රවශීල සංචිතය ශුන්‍යයට ආසන්නයේ සිට) ඉහළ යාම යි. මෙම ඉලක්කම් දෙක එකිනෙකට බද්ධ ආර්ථික සිද්ධීන් දෙකකි. පසුගිය මැයි 28 දින පැවති මුදල් ප්‍රතිපත්ති මාධ්‍ය හමුවේ දී මහ බැංකු අධිපති පැවසූයේ, වාහන ආනයනය ක්‍රමානුකූලව ළිහිල් කිරීම වැදගත් බවත්, රජය විසින්