අපි ඉගෙන ගන්නා බැංකු සහ මුදල් න්‍යායන් නිවැරදි ද? ඒවා ආර්ථික සහ මානව සංවර්ධනයට හිතකර ද?
ලිපියේ පසුබිම මුදල්වල පරිණාමය සහ සංකීර්ණත්වය පිළිබඳ ආර්ථික විද්‍යාවේ බොහෝ තොරතුරු පවතී. ඒවා බොහොමයක් මුදල් පිළිබඳ පැරණි හෙවත් සම්භාව්‍ය සාර්ව ආර්ථික මූලධර්මයන් මත පදනම් වී ඇත. එබැවින්, ශ්‍රී ලංකාව පමණක් නොව සංවර්ධිත රටවල් ඇතුළු බොහෝ රටවල මූල්‍ය ප්‍රතිපත්තිය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙන්නේ එම මූලධර්මයන් තුළ ය. එහෙත්, නූතන ආර්ථිකයන් ක්‍රියාත්මක වන මුදල් සහ බැංකු පද්ධතිවල දක්නට ලැබෙන සැබෑ තොරතුරු දෙස බලන විට මුදල් පිළිබඳ එම සම්භාව්‍ය පිළිගැනීම් සියල්ලම ප්‍රයෝගික වශයෙන් සාවද්‍ය වෙයි. ලෝකයේ වත්මන් මානව සංවර්ධනය යනු පැරණි මතවාදයන් ඉවත ලා, පර්යේෂණ තුළින් විද්‍යාවේ දියුණුව හරහා කරන ලද නව නිර්මාණයන්ගේ ප්‍රතිඵලයකි. ඒ බව, ගල් යුගයේ සිටි වනචාරී ගෝත්‍රයන්ගේ ජීවන තත්ත්වය සහ වත්මන් ගෝලීයකරණය තුළ ජීවත් වන සමාජයන්හි ජීවන තත්ත්වය සැසඳීමේ දී පැහැදිලි වෙයි. පැරණි ශිෂ්ටාචාරයන්හි මුදල් සොයා ගැනීම සහ මේ දක්වා මුදල් පරිණාමය ද වෙළෙඳපොළ ක්‍රියාකාරකම් හරහා නූතන මානව සංවර්ධනයට පදනම් වූ සාධකයක් වෙයි. එහෙත්, මුදල්වල ක්‍රියාකාරිත්වය සහ එහි මානව සංවර්ධන මෙහෙය පිළිබඳ ව නූතන පර්යේෂණාත්මක ද...