වයස 72 දී ආර්ථිකය සමඟ ඝාතනය වන මහ බැංකුව - පරීක්ෂණයක් නැත් ද?
මෙම ලිපියේ අරමුණ වන්නේ දැනට පාර්ලිමේන්තුවේ ඇති නව මහ බැංකු පනත මගින් ආර්ථිකය සමඟ මහ බැංකුව ද ඝාතනය වීමට ඇති අවදානම ඉදිරිපත් කිරීම යි. ඊට හේතුව, ආර්ථික අවශ්‍යතාවන්ට යෝග්‍ය ලෙස ආර්ථිකයක මුදල් ක්‍රමය/අංශය නියාමනයට මහ බැංකුව අසමත් වන විට, ආර්ථිකයේ මූර්ත අංශය හෙවත් නිෂ්පාදන අංශය ද අර්බුදයට ලක් වන බැවිනි. වත්මන් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සහ ආර්ථික පදනම වත්මන් ශ්‍රී ලංකා මහ මහ බැංකුව 1950 අගෝස්තු මස දී පිහිටු වන ලද්දේ, 1949 මුදල් නීති පනත මගිනි. එම පනත මගින් ශ්‍රී ලංකාවේ මුදල් වටිනාකම් ඒකකය ලෙස රුපියලත්, නෛතික ගෙවුම් මාධ්‍යය ලෙස රුපියල් කාසි සහ නෝට්ටු සහ රුපියල් ඉල්ලුම් තැන්පතුත් මත පදනම් වූ දේශීය මුදල් ක්‍රමය ස්ථාපිත කොට, එය දේශීය ආර්ථිකයට යෝග්‍ය ලෙස පාලනය කිරීම සඳහා මහ බැංකුව පිහිටු වන ලදි. එසේම, මහ බැංකුවේ පාලනය මුදල් මණ්ඩලයට පවරන ලදි. ඒ අනුව ස්ථාපිත කරන ලද මුදල් ක්‍රමය මුදල්, ණය සහ වාණිජ බැංකුවලින් යුක්ත වන අතර මූල්‍ය ප්‍රතිපත්තිය සහ බැංකු අධීක්ෂණය හරහා එය පාලනය කිරීමේ වගකීම මහ බැංකුවට පැවරිණ. මෙහි දී, ආර්ථිකයේ මුදල් පරිමාව, ණය ව්‍යාප්තිය සහ ප්‍රසාරණය සහ ව...