මහ බැංකු අධිපති විසින් විකල්ප යෝජනාවන් ඉල්ලන්නේ ඇයි? තම ආර්ථික වැඩපිළිවෙල අසාර්ථක ද?

පසුගිය දා විද්වත් දේශනයක දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කරනු ලැබූ අදහස් ඇතුලත් කෙටි වීඩියෝවක් මාධ්‍යයෙහි සංසරණය විය . එහිදී , වත්මන් අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගැනීම පිළිබඳ ව ඔහු විසින් දැක් වූ අදහස් කිහිපයක සාරාංශය පහත දැක්වෙයි . මෙම ලිපියේ අරමුණ එම අදහස් පිළිබඳ ප්‍රතිචාරයක් ඉදිරිපත් කිරීම යි. මහ බැංකු අධිපතිගේ අදහස් ආර්ථිකය නැවත ප්‍රකෘති වී අහිමිවූ නිෂ්පාදනය නැවත ලබා ගැනීම සඳහා කොතරම් කාලයක් ගත වන්නේ ද ? යන්න තීරණය වන්නේ , වැදගත් යැයි හඳුනා ගත් ප්‍රතිසංස්කරණයන් බලධාරීන් විසින් කොතරම් සාර්ථකව ක්‍රියාත්මක කරන්නේ ද ? යන්න මත බවත් , ඒ සියල්ල එකවර ක්‍රියාවට නැංවීමකින් තොරව ආර්ථිකය ස්ථාවර කොට ඉදිරියට ගෙන යාම සඳහා තවත් දෙවැනි අවස්ථාවක් නොලැබෙන බව . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් , ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් යම් අරමුදල් අපට ලබා ගත හැකි වුවත් , එය තාවකාලික සහනයක් පමණක් බවත් , වඩාත් වැදගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක නොකළහොත් නැවතත් එම චක්‍රයට පිවිසීම වැලැක්විය නොහැකි ...