Posts

Showing posts from April, 2026

බැංකු වංචා වැලැක්වීමේ වගකීම කා සතු ද? කළමනාකරණය ද? අධීක්ෂණය ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  පසුගිය දින කිහිපයක සිට ශ්‍රී ලංකාවේ බැංකුවක සිදු වී ඇති මහා පරිමාණ මුදල් වංචාවක් හෝ සොරකමක් පිළිබඳ ව පුවත්වලින් මාධ්‍යය පිරී ගොස් ඇත. එහෙත්, එම පුවත් සහ විශ්ලේෂණයන්, ඒවා රචනා කරන අයගේ සතුට සඳහා මිස බැංකු සමඟ ගනුදෙනු කරන මහජනයාට කිසි ප්‍රයෝජනයක් නොමැත. ඊට හේතුව, එම පුවත්වල අඩංගු සංඛ්‍යාවන් සහ තාක්ෂණික වචනවල ඇති සංකීර්ණ භාවය යි. එසේම, මෙවැනි බැංකු වංචාවන් පිළිබඳ ව සමාන පුවත් කලින් කලට පැතිරීම ගෝලීය බැංකු ඉතිහාසයේ සාමාන්‍ය සිද්ධියකි. කෙටි කලකින් ඒවා අමතක වනු ඇත.  ඒ පිළිබඳව ඉතාම මෑතක වාර්තා වූ පුවත වන්නේ, 2023 මාර්තු මස 10 දින ඇමෙරිකාවේ 16 වැනි විශාලතම බැංකුව වූ සිලිකන් වැලී බැංකුව වංචාකාරී මුදල් සහ ව්‍යාපාරික කළමනාකරණය හේතු කොට, මහ බැංකුව සහ තැන්පතු රක්ෂණ ආයතනය ඇතුළු සියළු බැංකු නියාමකයන් නොදැනුවත්ව හදිසියේ බිඳ වැටීම යි. මෙවැනි අර්බුදයක් වාර්තා වූ පසු, ඊට වගකිව යුතු බවට නොයෙක් පාර්ශවයන්ට චෝදනාවන් එල්ල වී, එය දේශපාලන වේදිකාවට ද පිවිසීම පොදු සිද්ධියකි. එසේම, සිදුවීම පිළිබඳ ව විවිධාකාරයේ පරීක්ෂණ, විමර්ශන සහ විගණන පුවත්වලින් ද මාධ්‍ය...