Posts

Showing posts from January, 2026

රාජ්‍ය මුදල් බලය පොදු මහජනතාවගෙන් පැහැර ගන්නා නව ලිබරල් වාදීන්. ඊට එරෙහි විප්ලවකාරී සංවර්ධන නායකයන් බිහි වෙයි ද?

Image
  ලිපියේ පසුබිම සහ අරමුණ  1980 ගණන්වල ආරම්භයේ සිර වොෂින්ටන් සම්මුතිය හරහා ව්‍යාප්ත වූ නව ලිබරල් වාදය විසින් ලෝකය පුරා රටවල රාජ්‍ය අයවැය හිඟය සහ ණය මර්දනය කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් දියත් වී පවතී. එය හුදෙක් රජය යටපත් කොට, පෞද්ගලික අංශය ආර්ථිකයෙහි එන්ජිම බවට පත් කිරීමේ ව්‍යාපාරයකි. මෙය IMF සහ ලෝක බැංකු ණය කොන්දේසි හරහා දියුණු වන රටවලට ද දැඩි ලෙස පැතිරී ඇත. එහෙත්, මෙම මතවාදය හුදෙක් පසුගිය සියවස ආරම්භයේ සිට නූතන ලෝකයේ රටවල රාජ්‍ය මුදල් මත ගොඩ නගා ඇති නූතන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන සැබෑ ආකාරය පිළිබඳ නිසි දැනුමක් නොමැතිව ගොඩ නැගී ඇත. එබැවින්, මෙම මතවාදය මහ බැංකුව විසින් රජයට පරිබාහිර ලෙස නිකුත් කිරීම, නියාමනය සහ පාලනය කෙරෙන මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක වන බවට විශ්වාසය මත ගොඩ නැගී ඇත. එබැවින්, මහ බැංකු ද මෙම මතවාදයේ ප්‍රධාන පාර්ශවයකි. නව ලිබරල් මතවාදය තුළින් රටවල මුදල් ක්‍රමයන් ඩොලර්කරණය කිරීමත්, එමගින්, දේශීය රාජ්‍ය  මුදල් ක්‍රමය මහා පරිමාණ ව්‍යාපාරික පංතියේ ප්‍රයෝජනය සඳහා සංකේන්ද්‍රණය කිරීමේ හෝ පැහැර ගැනීමේත් උත්සාහයක් දැකිය හැකිය.  මෙහි ප්‍රතිඵලයන් වශයෙන් රාජ්‍ය වියදම් හ...