Posts

Showing posts from October, 2025

මුදල් මුද්‍රණ සාක්ෂරතාවය - ඇමෙරිකානු මහ බැංකු අධිපතිගේ අදහස්. මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 04

Image
  ලිපියේ අරමුණ මහ බැංකු කාර්යයන් පිළිබඳ ව බොහෝ දෙනා විසින් විවිධාකාර සංකල්පීය අදහස් ඉදිරිපත් කෙරේ. මුදල් මුද්‍රණය ද ඉන් එකකි. සමහරුන්ට අනුව මුදල් මුද්‍රණය යනු මහ බැංකුවල දේව කාර්යයකි. එහෙත්, ඇමෙරිකානු මහ බැංකු අධිපති විසින් පසු ගිය 14 දින පැවති දේශනයක දී ඇමෙරිකානු මහ බැංකුව විසින් මෑත කාලයේ දී එරට ආර්ථික සහ මූල්‍ය අස්ථායිතාවයන් නිරාකරණය සඳහා මුදල් මුද්‍රණය භාවිතා කළ ආකාරය සරල බසින් ඉදිරිපත් කරන ලදි. එම දේශනයේ පිටපත සහ වීඩියෝව මෙහි ඇතුළත් කොට ඇත.  (දේශන පිටපත)   (වීඩියෝව) මෙම ලිපියේ අරමුණ එම දේශනයේ සාරාංශයක් දැක්වීම යි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ මහ බැංකු විසින් ඇමෙරිකානු මහ බැංකු මුදල් මුද්‍රණ මොඩලය භාවිතා කරන බැවින් අනෙක් මහ බැංකුවල සැබෑ කාර්යයන් හඳුනා ගැනීමට ද මෙම අදහස් වැදගත් වනු ඇත. එසේම, මහජනයාගේ සියළු මුදල් ගනුදෙනු කෙරෙහි මහ බැංකු මුදල් මුද්‍රණ හෝ මුදල් ප්‍රතිපත්ති තීරණයන් විවිධාකාරයෙන් බලපාන බැවින් මෙය පුද්ගල මූල්‍ය සාක්ෂරතාවයට ද ඉතා වැදගත් මාතෘකාවකි. ඊට හේතුව, මුදල් මුද්‍රණය වන ආකාරය නොදැන මුදල් කළමනාකරණය කිරීමේ සාක්ෂරතාවයක් ප්‍රයෝගික නොවීම යි. ඇමෙරිකානු ම...