ඇමෙරිකානු මහ බැංකු පොලිය 0.25 කින් කැපීම, අපේ මුදල්වලට බලපාන හැටි. මූල්‍ය සාක්‍ෂරතා අත්වැල 03
ලිපියේ අරමුණ සහ පසුබිම ඇමෙරිකානු මහ බැංකුව විසින් ඊයේ දින (2025 සැප්තැම්බර් 17), තම පොලී අනුපාතය 4.00%-4.25% දක්වා 0.25 කින් පහළ හෙළීය. එය, පසුගිය වසර දෙසැම්බර් මස 0.25 කින් පහළ දැමීමෙන් පසු කරන ලද පළමු පහළ දැමීම යි. පොලී අනුපාතය පහළ දමන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අඛණ්ඩව මහ බැංකුවට තර්ජනය කළ ද, යෝජිත නව තීරු බදු ප්‍රතිපත්තිය තුළින් ඇමෙරිකාවේ උද්ධමනය ඉහළ යාමේ අවදානම හේතු කොට මහ බැංකුව විසින් පොලී අනුපාතය ස්ථාවරව තබා ගන්නා ලදි. මෙම ලිපියේ අරමුණ වනුයේ, ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය සෙසු ලෝකයට බලපාන ආකාරය පිළිබඳ කෙටි සටහනක් තැබීම යි. එය, අපගේ මුදල් ගනුදෙනු සඳහා පොලී අනුපාතයන් තීරණය වන ආකාරය පිළිබඳ නිසි දැනුමක් මත මුදල් කළමනාකරණය කර ගැනීමට උපකාරී වෙයි. ඇමෙරිකානු මහ බැංකු පොලී අනුපාතය යනු කුමක් ද? මෙය ඇමෙරිකානු අන්තර් බැංකු එක් දින ණය වෙළෙඳපොළ පොලී අනුපාතය තීරණය වීම සඳහා මහ බැංකුව විසින් දෙන ලද ඉලක්ක යි. ඒ අනුව, නව ඉලක්කය 4.00%-4.25% වෙයි. අන්තර් බැංකු ණය වෙළෙඳපොළෙහි ගනුදෙනු වන්නේ, සංචිත මුදල් ලෙස හැඳින් වෙන මහ බැංකුව විසින් මුද්‍රණය කරන ...