Posts

Showing posts from April, 2025

ට්‍රම්ප් තීරු බදු යුද්ධය. දින 90 ක් කල් දැමීම. ශ්‍රී ලංකාව වැනි රටවල් ගොඩ එයි ද?

Image
ලිපියේ අරමුණ සහ පසුබිම පසුගිය අප්‍රේල් 02 දින ඇමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා නව තීරු බදු ප්‍රතිපත්තියක් එළි දැක්වූ අතර එය ඊයේ (අප්‍රේල් 09) දින සිට ක්‍රියාත්මක වීමට නියමිත විය. එම තීරු බදු ප්‍රතිපත්තිය කොටස් තුනකි. පළමුව, සියළු රටවලට 10% පොදු තීරු බද්දක් පැනවීම. දෙවනුව, රටවලට වෙනස් වූ ප්‍රති තීරු බදු අනුපාතයන් පැනවීම. කාර් ඇතුළු තෝරා ගත් ආනයන සඳහා විශේෂ තීරු බද්දක් පැනවීම. එහෙත්, ඊයේ දින එම තීරු බදු ප්‍රතිපත්තියේ සැලකිය යුතු සංශෝධනයක් කරන ලදි (වීඩියෝව මෙතනින් බලන්න) . පළමුව, චීනයට එරෙහි ප්‍රති තීරු බද්ද 34% සිට 125% දක්වා ඉහළ දැමීම. ඊට හේතුව, චීනය විසින් ඇමෙරිකාවෙන් පළි ගැනීමේ තීරු බදු පැනවීම යි. දෙවනුව, පළි ගැනීමට ඉදිරිපත් නොවූ සියළුම රටවලට පැනවූ ප්‍රති තීරු බදු දින 90 ක් දක්වා කල් දැමීම. එය රටවල් 75 කින් පමණ තීරු බදු සාකච්ඡා සඳහා ලද ඉල්ලීම් සහ ඇමෙරිකානු මුදල් වෙළෙඳපොළවල ඇති වූ හදිසි සමපේක්ෂණ කැළඹීම සැලකිල්ලට ගෙන කරන ලදි. එහෙත්, 10% පොදු තීරු බද්ද ඊයේ සිට ක්‍රියාත්මක විය.  මෙම දින 90 ක කල් දීමට හේතුව ලෙස දක්වා ඇත්තේ, දැනට පනවා ඇති ...

රටේ මුදල් පාලකයා රජය ද, මහ බැංකුව ද? ඩොලරය ද? අයවැයෙන් ස්වාධීන වූ මුදල් ක්‍රමයක් සහ පාලනයක් තිබේ ද? මහා ආර්ථික මිථ්‍යාවන් දුරලමු.

Image
  ලිපියේ අරමුණ  සහ පසුබිම  මෙම ලිපියේ අරමුණ වනුයේ ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය රජයෙන් ස්වාධීනව පාලනය කිරීමට මහ බැංකුවට බලය පැවරීමේ මතවාදය හුදු මිථ්‍යාවක් බව හුවා දැක්වීම යි.  ඊට හේතුව, රටවල නූතන මුදල් ක්‍රමය සහ මුදල් මුද්‍රණය රාජ්‍ය ණය මත ක්‍රියාත්මක වීම යි. රාජ්‍ය ණය යනු අයවැය හිඟය පියවීමට මැවෙන මුදල් ය. එබැවින්, ආර්ථිකයේ සංසරණය වන මුදල් ප්‍රමාණය රාජ්‍ය අයවැය හිඟය මත තීරණය වන අතර එය පාලනයට මහ බැංකුවට හැකියාවක් නොමැත. එබැවින්, මහ බැංකුවේ මුදල් පාලනය යනු හුදෙක් පදනම් විරහිත නිලධාරී මතවාදයක් වන අතර එමගින් ආර්ථිකයට ඇති කෙරෙන ව්‍යුහාත්මක සහ අර්බුද අවදානම් පිළිබඳ වාර්තාවන් ඒමට පවතී. පුරාණ මුදල් මෙන් නොව, නූතන මුදල් යනු කිසිම නෛසර්ගික වටිනාකමක් නොමැති (නිශ්චිත මූර්ත වත්කමකින් ආවරණය නොවන), හුදෙක් පොදු විශ්වාසය මත ගනුදෙනු කෙරෙන ද්‍රව්‍යයකි. එබැවින්, නූතන මුදල් ක්‍රමයන් පොන්සි ජාවාරමකට සමාන වෙයි. පොන්සි ජාවාරමක් යනු එහි ආයෝජකයන්ට මුදල් ආපසු ගෙවීම සඳහා වත්කම් නොමැති පිරමීඩ ව්‍යාපාරයකි. එබැවින්, ආයෝජකයන්ගේ විශ්වාසය බිඳෙන විට, පොන්සි ජාවාරම් විගසින් කඩා වැටෙනු ඇත....