Posts

Showing posts from February, 2025

උගත් පාඩම් නොසලකා, ශ්‍රී ලංකාව වැළඳ ගත් "හොට් කැපිටල් " අර්බුදය? විසඳුමත් "හොට් කැපිටල් "? ආර්ථික අපරාධයක් ද?

Image
  ලිපියෙහි අරමුණ  මෙම ලිපියෙහි අරමුණ වනුයේ,  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් 2021/22 සිට මුහුණ දෙන විදේශ මුදල් අර්බුදය අහඹු සිද්ධියක් නොවන බවත්,  එහි මූලය සහ අවදානම් 1997/98 ආසියානු මූල්‍ය අර්බුදය තුළින් හොඳින් දැන සිටිය බවත්,  එහෙත්, ඉන් උගත් පාඩම් අනුව මෙම රටවල් විදේශ මුදල් කළමනාකරණය නොකිරීමේ වරදින් අර්බුදය පතිත වූ බවත්,  දැනට අනුගමනය කෙරෙන විසඳුම් ප්‍රතිපත්ති යනු එම වරදම නැවත සිදු කිරීම බවත්, එබැවින්, අර්බුදයේම කිමිදෙනවා මිස, තිරසාර ආර්ථික සංවර්ධන මාවතකට පිවිසීමට අවස්ථාවක් මෙම රටවලට නොමැති බවත්, ඉදිරිපත් කිරීම යි. තව ද, ආසියානු මූල්‍ය අර්බුදයට පෙර සහ පසුව ද, ලතින් ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල් මෙම "හොට් කැපිටල්" හෙවත් උණුසුම් ප්‍රාග්ධන සංචරණය හේතුවෙන් අර්බුදයන්ට සහ කම්පනයන්ට මුහුණ දීමේ සිද්ධීන් රාශියක් වාර්තා වී තිබිණ. සංවර්ධිත රටවල වාර්තා වී ඇති මූල්‍ය අර්බුදයන්හි ස්වරූපය මීට හාත්පසින්ම වෙනස් ය. එම අර්බුදයන් හුදෙක් දේශීය බැංකු සහ මූල්‍ය පද්ධතියෙහි කලක් තිස්සේ පවතින අවදානම්කාරී සහ වංචාකාරී මුදල් වෙළෙඳාම සහ වත්කම් මිල බුබුළු හේතු කොට, මහජ...

නව IMF-ලිබරල් ආර්ථික විද්‍යාඥ විසාදිය. ආර්ථිකය කාට ද? දේශපාලනය කුමකට ද? මානව සංවර්ධනයට වෙළෙඳපොළ පිහිට ද?

Image
  ලිපියේ අරමුණ මෙම ලිපියේ අරමුණ වනුයේ, නව ලිබරල්වාදී යැයි හඳුන්වන ආර්ථික විද්‍යා ගුරුකුලයක් විසින් ආර්ථිකය, දේශපාලනය සහ සදාචාරාත්මක වටිනාකම් එකිනෙකට වෙන් කොට ඉදිරිපත් කෙරෙන නව ලිබරල් ආර්ථික කළමනාකරණ මොඩලයක් හේතු කොට රටවල රාජ්‍ය පාලනය සහ මානව සංවර්ධනය අඩාල වීමේ සහ වින්දිත වීමේ දැඩි අවදානමක් හට ගෙන ඇති බවට අදහසක් ඉදිරිපත් කිරීම යි. මෙම මොඩලයෙන් වඩාත්ම වින්දිත භාවයට පත් වී ඇත්තේ, ඩොලරය මත රඳා පවතින ශ්‍රී ලංකාව වැනි ගෝලීය ආර්ථිකය හරහා මෑත දී දියුණු වීම ආරම්භ වී ඇති රටවල් ය. දේශපාලනික, ආර්ථික සහ සදාචාර වටිනාකම් ඒකාබද්ධතාවය  ආර්ථික විද්‍යා සංකල්පයන් බිහි වූයේ, දේශපාලනික ආර්ථික විද්‍යාව වශයෙනි. එම ආර්ථික අදහස් හුදෙක් කලින් කලට රාජ්‍ය පාලනයේ කොටසක් ලෙස ඉදිරිපත් වූ මානව දර්ශන වේදීන්ගේ අදහස් විය. එනම්, රටක ආර්ථික ක්‍රියාකාරකම් සිදු වන රාමුව රාජ්‍ය පාලනයෙන් තීරණය කෙරෙන පරිසරයක ය. උදාහරණ ලෙස වෙළෙඳපොළවල්, වත්කම් අයිතිය, වෙළෙඳ ගිවිසුම්, බුන්වත් භාවය සහ බදු යනාදිය දේශපාලනය විසින් පනවන නීති පද්ධතිය දැක්විය හැකිය. දේශපාලනය හුදෙක් රටවල පිළි ගැනෙන සදාචාරාත්මක වටිනාකම් පද්ධතිය මත ක්‍රියාත්මක වී ඇ...