Posts

Showing posts from January, 2025

පාර්ලිමේන්තුවේ දී මහ බැංකු උද්ධමන පාලන මිථ්‍යාව එළියට. ආර්ථිකය අවධමන උගුලක? විසඳුම රජය ද? මහ බැංකුව ද?

Image
  ලිපියේ අරමුණ සහ පසුබිම මෙම ලිපියේ අරමුණ වනුයේ, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවේ ඇති නොහැකියාව මහ බැංකුව විසින්ම පිළි ගෙන ඇති බව හෙළි කිරීම යි. එය, මහ බැංකුව විසින් පසුගිය 2024 දෙසැම්බර් 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු තොරතුරුවලින් සනාථ කෙරේ. එම වාර්තාවේ පසුබිම මෙසේ ය.  (වාර්තාව මෙතනින් බා ගන්න) මහ බැංකු පනත අනුව මහ බැංකුව සහ මුදල් ඇමති අතර මුදල් ප්‍රතිපත්ති රාමුවක් එකඟ විය යුතුය. එහි, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු ඉලක්ක උද්ධමන අනුපාතය සහ අනෙක් සංඝටකයන් ඇතුළත් විය යුතුය. ආර්ථිකයෙහි සැබෑ උද්ධමන අනුපාතය, එම ඉලක්ක උද්ධමන අනුපාතයට වඩා ප්‍රතිශතක ඒකක 2 කට වැඩි ප්‍රමාණයකින් පිට පිටම කාර්තු දෙකක් වෙනස් වෙයි නම්, මහ බැංකුව විසින් මුදල් ඇමති හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාව මහජනයාට ද ප්‍රසිද්ධ කළ යුතුය. එසේ ඉදිරිපත් කළ වාර්තාව පරීක්ෂණයට ලක් විය. එම වාර්තාව මහ බැංකුව විසින් මහජනයාට ප්‍රසිද්ධ කරනු ලැබුවේ එදින සවස ය. එබැවින්, පරීක්ෂණයට පෙර මහජන අදහස් දැන ගැනීමට කාරක සභා සාමාජිකයන්ට හැකියාවක් නොවීය. මෙම ලිපිය මගින් මහ...

යල්පැන ගිය ආර්ථික කළමනාකරණය. එය, නූතන සැපයුම් සංකල්පයන් මත ප්‍රතිව්‍යුහගත කරමු.

Image
  ලිපියේ පසුබිම  මෙම ලිපියේ අරමුණ සමකාලින රාජ්‍ය ආර්ථික කළමනාකරණ ක්‍රමවේදයන්ගේ මිථ්‍යාව කෙටියෙන් හෙළි කිරීම යි.  එනම්, ආර්ථිකයෙහි සැපයුම් අංශය සහ සාර්ව ආර්ථික සමතුලිත සංකල්පයන් පිළිබඳ ව නිසි අවබෝධයක් හෝ තැකීමක් නොමැතිව, පදනම් විරහිත ඉලක්කයන් මත ඉල්ලුම් අංශය එදිනෙදා තැනින් තැන පාලනය කිරීමට උත්සාහ කිරීමෙන්, ආර්ථිකය සහ මහජනයා අස්ථායිතාවයන්ට සහ අර්බුදයන්ට ගොදුරු කිරීමත්, ඊට පසුව, ඔවුන් විසින්ම ආර්ථිකය නැවත ස්ථායිකරණය කොට, ජීවන තත්ත්වය නැවත ගොඩ ගන්නා බවට එකම ආර්ථික කළමනාකරණ කථාන්දරය නැවත රඟ දැක්වීමත් ය. මේ සියල්ලම මහජනයාට අනුකම්පාවෙන් තමන්ට පමණක් කළ හැකි ජාති හිතෛෂී මෙහෙයක් බව ද දැක්වෙයි.  සියළු ආර්ථික කළමනාකරණ ශිල්පයන් ගුවන් යානා විද්‍යාවන් නොව හුදෙක් සංකල්පීය පදනමක් මත භාවිතා වන බැවින්, මෙම ලිපිය ද සාර්ව ආර්ථික විද්‍යා සංකල්පීය පදනමකින් ඉදිරිපත් කෙරේ. එබැවින්, ආර්ථික ඉලක්කම් විග්‍රහයක් මෙහි ඉදිරිපත් නොකෙරේ. එහෙත්, සංකල්පයන් පදනම් වන උපකල්පනයන් කිසිවක් මෙහි ඉදිරිපත් නොකෙරේ. ලිපියේ පසුබිම පහත දැක්වෙයි. ලෝකයේ සියළුම රටවල පාහේ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මහජනතාවට වඩා හොඳ ...