මහ බැංකුවට රු. බි. 766 ක ණය පාඩුවක්. මහා පරිමාණ මුදල් වංචාවක් ද? වගකීම කා අත ද?
පසුගිය 7 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ විශේෂ කරුනු තුනක් පහත දැක්වෙයි (වීඩියෝව නරඹන්න) . 2023 වර්ෂයේ දී මහ බැංකුවට රුපියල් බිලියන 114 ක පාඩුවක් සිදු වූ බව. මහ බැංකුව විසින් රජයට දී තිබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් සිදු වූ පළමු දින පාඩුව රුපියල් බිලියන 700 කට අසන්න ප්‍රමාණයකින් මහ බැංකු මූල්‍ය වාර්තාවලට පහරක් වැදුන බව. මෙම පාඩුව යනු මහ බැංකුව විසින් රාජ්‍ය ණය පහළ දැමීම සඳහා රජයට සහ බදු ගෙවන්නට සැපයූ මූල්‍ය වාසියක් බව. මෙම ලිපියේ අරමුණ වන්නේ මහ බැංකු අධිපති විසින් ප්‍රකාශ කළ දෙවැනි සහ තෙවැනි කරුනුවල අසත්‍යතාවය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ පාඩුව යනු රජයට සහ බදු ගෙවන්නට අධික පාඩුවක් සිදු කළ මුදල් වංචාවක් බව කරුනු සහිතව ඉදිරිපත් කිරීම යි. මහ බැංකුවේ අලාභය යනු අයෝග්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් සහ මුදල් ප්‍රතිපත්ති අක්‍රමිකතාවන්හි ප්‍රතිඵලයක් බව ඊළඟ ලිපියෙන් ඉදිරිපත් කරමි. ආයතනික මුදල් වංචාවන් රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් වාර්තා වන මුදල් වංචාවන් ප්‍රධාන කොටස් දෙකකි. පළමුව, විවිධ ක්‍රමවේදයන් හරහා මුදල් සො...